Pages

Sunday, July 31, 2011

මට දුක හිතුනා....

හුස්මත් හිරවෙනා තරමට
උගුර හිරවුනා මොකකින්ද
දෙතොල් වෙව්ලුවාමගෙ
හිරි වැටී මුළු හිසම
ලලාටෙහි කේශ නාළිකාතුලින්
මොනවදෝ ගලා විත්
උතුරමින් නෙත් කුහර තුල
නෙත් කෙවෙනි අද්දරින්
රූරා වැටුන අරුමය
නාස්පුඩු වල ශ්ලේශ්මළ පටක
උත්තේජනය කරවමින් විගස

ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත්
මට දුක හිතුනා අම්මෙ අද