Pages

Thursday, March 22, 2012

නුඹේ සෙවණක නුඹේ පාමුල නුඹේ ජීවෙන් රැකෙන්නම්..

සැලෙන දළුවක හමන පවනක නුඹේ සෙනෙහස සොයන්නම් 
ළමැද  පපතුර නුඹට තුරුළුව මගේ ලෝකය දකින්නම්  
නුඹේ සෙවණක නුඹේ පාමුල නුඹේ ජීවෙන් රැකෙන්නම් 
සඳුත් නුඹ මට හිරුත් මගෙ නුඹ නුඹේ එළියෙන් පිපෙන්නම්

සුවඳ විඳ විඳ නුඹේ කැල්මක සැඟව මා ඉඟි කරන්නම්
නිබඳ සිඳ සිඳ නුඹේ දුක් ගඟ සනසවා පෙම් කරන්නම්
ළමැද බිඳ බිඳ වැඩෙන සෙනෙහස  සදා පණ මෙන් රකින්නම්
මහද වෙණ නද සදා හිතවත නුඹ නමින් මා වයන්නම්

හඞන සිත්මල නුඹේ සෙනෙහෙන් සෙමින් කඳුළින් වෙන් කරන්නම්
මියෙන මේ ගත නුඹ දෙපාමුල සදාකල් පූජා කරන්නම්
නුඹට පෙම් බැඳි ලබැඳි සිත් මල සදා නුඹ නමටම පුදන්නම්
සිය වරක් නොව දහස් වර නොව කෝටියක් වර නුඹේ වෙන්නම්

Monday, March 12, 2012



මල් සුවඳක් ඇවිත් මා වට කැරකෙනවා
සිත නෑ වාවන්නෙ නුඹ සුවඳම එනවා
සුළඟට සාප තිව්වා මට දුක දැනුනා
නුඹෙ සුවඳත් අරන් යන්නට මම කිව්වා

Sunday, March 11, 2012


හිත ගතු කියයි කීවට මේ අවලාද...
හද සුසුමන් හෙලයි නොමැතිව සැනසීම...
උණුසුම සෙනෙහෙ විඳගැනුමට රිසි සේම...
පොඩියක් හැරෙන් නෑ මම දැන් අමනාප...

Saturday, March 10, 2012


තනිකම ලොවක් ඇතිකළ නැතිකර දුන්න..
හදවත නැගුන සුසුමන් දියකර දුන්න..
පාළුව මගේ මගහැර තනියට උන්න..
අවසර ඉතින් කඳුළට නික්මී යන්න..

Thursday, March 8, 2012


රිදුන ගත
රිදෙන සිත
ගෙනියන්න
අත වනයි
සීත නිදහස්
මරණය,

Friday, March 2, 2012

සිතුම් වැල් (1)


~~~~මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී...
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටී...~~~~

"මං වෙනුවෙන් එක දවසක් දෙන්න මැණිකෙ".. මොනතරම් ආදරෙන් ඉල්ලුවත් ඔයා ඉල්ලුවෙ මාව දාලා යන්නනෙ.. මිනිත්තුවක් උනත් ඔයා ගාව ගතකරන්න මං ඉන්නෙ මොනතරම් ආසාවෙන්ද?... ඒත් ඔයාට මං නැතුව ඉන්න පුළුවන්නෙ... මං ළඟ නැතුව සතුටු වෙන්න ඔයාට පුළුවන්නෙ... ඔයා වෙනුවෙන් කීවට ඔයාමේ දවස ඉල්ලුවෙ ඇත්තටම ඔයා වෙනුවෙන්ද කියන්න... එහෙනම් කොහොමද රත්තරං ඔයාගෙ ජීවිතේ ඔයාගෙ හැමදේම මමය කියන්නෙ?... ආයෙත්නම් බොරු කියල මාව රවටන්න එපා.....