Pages

Tuesday, October 26, 2010

විභාගෙ දවස් වල...

අළුයම මහ උදේ පාන්දර
ඉකුත් වූවා පමණි හෝරා කිහිපයක්
අහෝ සුපුරුදු නාදය
කොහෝ කොහෝ කොහෝ....!!!
තවම නුඹ සොඳුරි මුණ නොගැසීද????

අනේ උඹෙ කෙහෙල්මල් ආදරේ....
අපේ විභාගෙට තව ටික දොහයි!

Saturday, July 24, 2010

කොන්දොස්තර

අක්කෙ ඔතනින් ඉස්සරහට යනවද
මහත්තයා ඔතන තද වෙන්නෙ නැතුවපස්සට යනවද
මල්ලි කතාව පස්සෙ පුළුවන් දැන් ඇතුළට යනවද
දෙයියනේ මේකට පිස්සුද ???
මේ මොන කරුමයක්ද ???

තනිකම ...


සඳ වත අදත් නෑ නුබ ගැබ අඳුරමද................

කිම එක තරුවකද නාවේ දුකිනි හද...............

පාළුව ඉකිබිඳින පමණක් රැයකි අද................

තනිකම මගේ තනියට ළඟ සිටිනවද...............

ආයුබෝවන් ඉතින් ඒ වසන්තය...

සිතින් අපි තාම කොතැනක වුවත්
කාලය බොහෝ කල් ගත වෙලා
හිතේ දුක තාම නිමි නැති වුවත්
දුක දුන්න අවුරුද්ද නිම වෙලා

මදනලට ඉඟිකරමි අද වුවත්
තාම නුඹ සුවඳ ඉන් දැනෙනවා
තරු දෙනෙත් සිහිකරමි යළි යළිත්
කඳුළු ගඟ ආයෙමත් ගලනවා

නපුරු වූවත් නුඹට අද වුනත්
ආදරේ ඒ වගෙම තියෙනවා
මලක් සේ රැකබලා ගත්තු වග
තාම මගෙ මතකයේ තියෙනවා

ආයෙමත් විඳගන්න බැරි වුනත්
දැනුන සුව නුඹෙන් තව දැනෙනවා
නුඹ වගෙම නපුරු නෑ මේ හිතත්
අදත් නුඹ ගැන සිතා දැවෙනවා

හිතවතකුගේ සිහිනයක්...!

නළඟන මියුරු දහමේ සොබ සරසගෙන
සඳරැස් රිදී කඳ හෙමිහිට උරාගෙන
ජළකඳ හෙමින් මුදු දියරැළි නගාගෙන
ගලනා තැනක උන්නෙමි ඇගෙ ළඟින් හිඳ

සඳ දිය නුඹේ වතමත වන් විලාසෙට
සඳටත් වඩා දිළිසෙනවා පෙනුනි මට
සිත කිති කවන මද පවණට කතාකොට
කීවෙමි පෙම් රහස නුඹ හට කියන්නට

කොඳමල් පිපෙන සුවඳක් හෙමිහිට පැමිණ
මගෙ සියොළඟම කිතිකවනට හැරෙනකොට
මගෙ සඳ නුඹේ වත දෙස මං බලනකොට
දැනුනා සුවඳ වැඩියෙන් කොඳමල් වලට

සඳ සෙවණැල්ල වැව් දිය මත දඟ කරනා
දෙස නුඹ නෙත් සලා බලනා විට සොබනා
හදවත කුමක්දෝ මේ හෙමිහිට කියනා
විඳගත්තෙමි නුඹේ රුව මට ඇති ලෙසිනා

ඈතින් කඳු වළල්ලේ සිට විත් පියඹා
ගණ කළු වළාවක් විත් සඳවත වැසුවා
දහසක් හැඟුම් හදවත උතුරා ගැලුවා
නුඹෙ කම්මුලක් සිප ගන්නට මට හිතුණා

වැව් දිය නුඹේ සියොළඟ තෙමනා විටදී
දුටුවා නාරි රුව රේඛා සිත කැළඹී
ආඩම්බර සඳේ අහසේ දිදුළ සිටී
මගෙ සඳ නුඹට වැඩියෙන් හැඩ බව කියමී

නුග තල් පත් සොලවමින් අප දෙසට හැමී
සුළඟේ නුඹේ කෙහෙරැළි දඟ කළ විටදී
මදහස පිරි දෙතොල් ළඟ මොහොතක් නැවතී
නුඹෙ කෙහෙරැල්ලෙ සැඟවී යන්නට සිතුණී

Monday, July 19, 2010

නුඹ නමට...........

ආඩම්බර ඔය ඇස් ළඟ
දයාබරම ඔය හිත ළඟ
හැමදාකම මං නැවතුනෙ අහම්බෙන් වගේ
කවුරුත් නැති හැන්දෑවක
නුඹ දෑසට දැහැන්ගතව
නුඹට ආදරෙයිකියන්න හැමදාකම බලන් උන්නෙ පුරුද්දට වගේ
සඳ නැති රෑ අහස් ගඟේ
තරුයුවලක් වගේම ඇස්
පුංචිකරල හිනැහෙනකොට
නුඹ දන්නෑ මට හිතෙනවා ඔය හනා මගේ
නුඹ අහසයි මං පොළවයි
මගේ හිතට නුඹ දුරමයි
ඈත ඉඳන් එළිය දෙන්න තනි හිතට මගේ
දුරින් ඉඳන් හිනාවෙන්න ආදරෙන් වගේ

Wednesday, June 16, 2010

මං මෙහෙමයි....

මා ජීවිතය සොයමින් සිටිමි. කවදාක හෝ මා සොයන සුන්දරත්වය කරා මා ලඟා වනු ඇත.. එතෙක් මා නොනවත්වා ජීවිතය හඹා යනු ඇත....