Pages

Wednesday, January 26, 2011

නුඹ දුටුවනම් එක් වරක්වත් ....

සීරුවට කොපුලත ගලා ගිය
පුංචි උණුහුම් කඳුළු බිඳුවක්
නුඹ නමින් නෙත් අගින් ගිලිහුන
නුඹ දුටුවනම් එක් වරක්වත්

සෙනෙහෙ මකරන්දය පුරාගෙන
හදෙහි නොපිපුන කුසුම මැලවුන
හිරුට හිනැහී සඳුට හැඞු හැටි
නුඹ දුටුවනම් එක් වරක්වත්

සඳු ළඟින් හිඳ ලොවට හිනැහුන
පුංචි තරුවක අරුම පබසිළු
සුමුදු සඳකැන් දහර අතරින්
නුඹ දුටුවනම් එක් වරක්වත්

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හදේ සිරවූ අරුම සෙනෙහස
    ගලපගන්නට වෙර දැරූ හැටි
    කඳුළු උතුරන දෑස් අතරින්
    නුඹ දුටුවනම් එක් වරක්වත්

    ReplyDelete
  3. හදේ සිරකර කුමට සෙනෙහස   
    දෝර ගලනට ඉඩ හරිනු මිස  
    අරුත් සුන් කවියක් වෙලා හරි 
    සිනා කැන් ගෙන වඩිනවා මිස

    ReplyDelete