Pages

Tuesday, December 20, 2011


කිමද ඔච්චම් කරනු..
එබී හෙමිහිට හොරෙන්..
හමුවෙනා වළා මත..
නුඹ ඉතින් සැතපියන්..
රවටපන් පුංචි තරු..
යළිත් හෙට නෑවිදින්..
බලාපන් මගේ හිරු..
හැමදාම මගෙ ළඟින්..

මදක් අමනාපවී..
බැස ගියත් අද කලින්..
හෙට උදෙත් යළි එනවා..
ඒක සත්තයි ඉතින්..