Pages

Thursday, March 22, 2012

නුඹේ සෙවණක නුඹේ පාමුල නුඹේ ජීවෙන් රැකෙන්නම්..

සැලෙන දළුවක හමන පවනක නුඹේ සෙනෙහස සොයන්නම් 
ළමැද  පපතුර නුඹට තුරුළුව මගේ ලෝකය දකින්නම්  
නුඹේ සෙවණක නුඹේ පාමුල නුඹේ ජීවෙන් රැකෙන්නම් 
සඳුත් නුඹ මට හිරුත් මගෙ නුඹ නුඹේ එළියෙන් පිපෙන්නම්

සුවඳ විඳ විඳ නුඹේ කැල්මක සැඟව මා ඉඟි කරන්නම්
නිබඳ සිඳ සිඳ නුඹේ දුක් ගඟ සනසවා පෙම් කරන්නම්
ළමැද බිඳ බිඳ වැඩෙන සෙනෙහස  සදා පණ මෙන් රකින්නම්
මහද වෙණ නද සදා හිතවත නුඹ නමින් මා වයන්නම්

හඞන සිත්මල නුඹේ සෙනෙහෙන් සෙමින් කඳුළින් වෙන් කරන්නම්
මියෙන මේ ගත නුඹ දෙපාමුල සදාකල් පූජා කරන්නම්
නුඹට පෙම් බැඳි ලබැඳි සිත් මල සදා නුඹ නමටම පුදන්නම්
සිය වරක් නොව දහස් වර නොව කෝටියක් වර නුඹේ වෙන්නම්

Monday, March 12, 2012



මල් සුවඳක් ඇවිත් මා වට කැරකෙනවා
සිත නෑ වාවන්නෙ නුඹ සුවඳම එනවා
සුළඟට සාප තිව්වා මට දුක දැනුනා
නුඹෙ සුවඳත් අරන් යන්නට මම කිව්වා

Sunday, March 11, 2012


හිත ගතු කියයි කීවට මේ අවලාද...
හද සුසුමන් හෙලයි නොමැතිව සැනසීම...
උණුසුම සෙනෙහෙ විඳගැනුමට රිසි සේම...
පොඩියක් හැරෙන් නෑ මම දැන් අමනාප...

Saturday, March 10, 2012


තනිකම ලොවක් ඇතිකළ නැතිකර දුන්න..
හදවත නැගුන සුසුමන් දියකර දුන්න..
පාළුව මගේ මගහැර තනියට උන්න..
අවසර ඉතින් කඳුළට නික්මී යන්න..

Thursday, March 8, 2012


රිදුන ගත
රිදෙන සිත
ගෙනියන්න
අත වනයි
සීත නිදහස්
මරණය,

Friday, March 2, 2012

සිතුම් වැල් (1)


~~~~මං නැති දා හිතට දුකක් නුඹට නම් නැතී...
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටී...~~~~

"මං වෙනුවෙන් එක දවසක් දෙන්න මැණිකෙ".. මොනතරම් ආදරෙන් ඉල්ලුවත් ඔයා ඉල්ලුවෙ මාව දාලා යන්නනෙ.. මිනිත්තුවක් උනත් ඔයා ගාව ගතකරන්න මං ඉන්නෙ මොනතරම් ආසාවෙන්ද?... ඒත් ඔයාට මං නැතුව ඉන්න පුළුවන්නෙ... මං ළඟ නැතුව සතුටු වෙන්න ඔයාට පුළුවන්නෙ... ඔයා වෙනුවෙන් කීවට ඔයාමේ දවස ඉල්ලුවෙ ඇත්තටම ඔයා වෙනුවෙන්ද කියන්න... එහෙනම් කොහොමද රත්තරං ඔයාගෙ ජීවිතේ ඔයාගෙ හැමදේම මමය කියන්නෙ?... ආයෙත්නම් බොරු කියල මාව රවටන්න එපා.....

Tuesday, February 28, 2012

ඔබ එන්න



හිරුට කලියෙන්
එන්න...
මියදෙන්න පෙර
තුහින...

Monday, February 13, 2012

වසළයෙකු දිටිමි....

අද පෞද්ගලික බස් රථ සේවකයින්ගේ වැඩවර්ජනයකි.  නමුත් මා මෙහි සටහන් තබන්නේ ඒ ගැන නොව බොහෝ දුක් මහන්සියෙන් ලංගම බස් රථයකට ගොඩවී සෙනග ගොඩෙහි තෙරපෙමින් අහිංසක තරුණියන් හට කරදර කළ පව්කාරයෙකු ගැනයි. මා දෙහිවල හංදියට පැමිණෙන විට පෙ.ව.11 වන්නට ඇත. පෞද්ගලික බස් රථ සේවකයින්ගේ වැඩවර්ජනය  හේතුවෙන්බස් රථයකට නැග ගන්නට බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවිය. අවසන පිටකොටුව බලා ගමන් කරන ලංගම බසරථයකට නැග ගන්නටත් එහි අසුනක වාඩි වීමටත් මට හැකි විය. වැඩි දුරක්  යන්නට කලින් සෙනග අතරෙහි තෙරපෙමින් බොහෝ අපහසුවෙන් ගමන් කළ ආච්චි අම්මා කෙනෙකුට අසුන පිරි නැමූ මම බෑගයද කරේ දමාගෙන මදක් අපහසුවෙන් ගමන් සිටගෙන සිටියෙමි. දැඩි හිරු රෂ්මිය නිසාත් බසයේ සෙනග අධික නිසාත් බසයේ සිටි සැම දෙනා සිටියේ දැඩි අපහසුවකිනි. මේ සියලු අපහසුතා අතර එක් තරුණයෙකු කඩා බිඳගෙන සෙනග තෙරපගෙන මමත් තවත් තරුණියකුත්  අතරට පැමි නතර විණි.  එනපොට එතරම් ගුණ නොවූ හෙයින් මා මදක් ඉවතට වීමි. කාරුණික තරුණයෙකු මට ඉඩ දී ඉවතට විය.  එහෙත් මට ඔබ්බෙන් සිටි අසරණිය අසලට වන් අර පව්කාරයා ඇයට කරදර කළ ආකාරය අසල සිටි සැවොම දුටු දසුනකි. අප්‍රසන්නතාවයත් කළකිරීමත් පිරුන සිතින් එදෙස බලා දුක්වනවා හැර දෙයක් කිරීමට බසයේ සිටි කාටත් නොහැකි විය. ලැජ්ජාව නිසා හෝ භය නිසා හෝ ඇය සියල්ල ඉවසා සිට බැස ගියාය.   මා සඳහන් කළ වසළයා එයින් නොනැවතී තවත් මුස්ලිම් තරුණියක් අසලට ගොස් පෙනි පෙනී ඇයටද කරදර කරන්නට පටන් ගත්තේ කවුරුත් ඔහුට අවහිරයක් නොවන බව සක්සුදක් සේ දත් සේය.බසයෙන් බසින්නට පෙර ඔහු හැඳසිටි ටී ෂර්ටයේ පසුපස ලියා තිබූ අකුරු පෙළ දුටු මාගේ කළකිරීම දෙගුණ තෙගුණ විය.
Nautical Engineering
Ocean University
Sri Lanka
  එහි සටහන් වූයේ එයයි.

 සහෝදර වරුනි ඔබලා සියලු දෙනාම මෙසේ නැත. එහෙත් අතලොස්සක් ඉතා පහත් ලෙස මෙසේ හැසිරීම රටේම අවාසනාවකි.  බසයක කෝච්චියක ගමන් කරනතරුණියකට කරදර කර ඔබ ලබනා ආස්වාදය කුමක් දැයිපුදුමයකි. ඔබට පෙම්වතියක් නැතිවිය හැක, එහෙත් කවදා හෝ ඔබ පෙම්වතියක් ලබනු ඇත. ඉතින් ඔබ කොහොමද ඇයට අවංකව ප්‍රේම කරන්නෙ? ඔබ කොහොමද ඇයව වසළයින්ගෙන් රැක ගන්නේ ? නුඹ කෙලෙසද නුඹ මවගේ සහෝදරියගේ මුහුණ බලන්නේ?  මල් වගේ ලස්සන සුන්දරියන් දැක සතුටු වන්න.  රාගය අවුලවාගෙන සංසාරයටම පව් පුරවගන්න එපා.  අඩුම තරමින් තමන් හිත පිරිසිදුව තියාගන්න උත්සාහ ගන්න. එක් සුන්දර ගැහැණියක් ඔබගේ ජීවිතය හැම රසයකින්ම සරසණු ඇත. එතෙක් තවත් නොකිළිටි මලක් තැලීමට උත්සහ නොගන්න. ඔබ කවදා හෝ දියණියක රකිනපියෙකු වන බව සිතන්න.  

දයාබර සහෝදරියනි මෙවන් ස්ථාන වලදී ඔබට සිදුවන අතවර හමුවේ නිහඞව නොසිටින්න.කාගෙන් හෝ පිහිටක් ලබන්නට නොව, තමාගේ සිරුර රැකගැනීමට සටන් කරන්න. දැන් වීරයින් නිදිය. එනිසා තමා තමන් වෙනුවෙන් වත් මොවුන් සමගින්සටන් කරන්න.  නුඹ සිරුර නුඹගේය..... එය පව්කාර වසළයින්ගේ සා පවස නිවන පිං ළිඳක් නොවන බව ලොවටම ඒත්තු ගන්වන්න......

Wednesday, January 25, 2012

ගමන....

මා නැගි මහා කන්ද අභියස  
පල්ලමක් වෙනුවට 
හමුවූ ප්‍රපාතය  
දැක ඉතින් ආපසු හැරෙන්නද ?
පැන හෙලට සිය පණ නසන්නද ?