Pages

Tuesday, August 30, 2011

වැස්ස නුඹ වැහැපන් ඉතින්...

ගැහෙන මුත් ගත මේ සීතලට
හිරිවැටෙන මුත් හිතම කෝඩෙට
ගුලි නොවී තනිවම උණුසුමට
එන්න හිතෙනවා නුඹේ තුරුලට

නුඹට තුරුළුව අනන්තයටම
ඇවිද යන්නට හිතෙනවා මට
එහෙත් අම්මා පොඩි කාලෙ සිට
දුන්නු ඔවදන් සිහිවෙනවා මට

වැස්ස නුඹ වැහැපන් ඉතින්...
මං එන්නෙ නෑ තෙමෙන්නට...