Pages

Thursday, March 22, 2012

නුඹේ සෙවණක නුඹේ පාමුල නුඹේ ජීවෙන් රැකෙන්නම්..

සැලෙන දළුවක හමන පවනක නුඹේ සෙනෙහස සොයන්නම් 
ළමැද  පපතුර නුඹට තුරුළුව මගේ ලෝකය දකින්නම්  
නුඹේ සෙවණක නුඹේ පාමුල නුඹේ ජීවෙන් රැකෙන්නම් 
සඳුත් නුඹ මට හිරුත් මගෙ නුඹ නුඹේ එළියෙන් පිපෙන්නම්

සුවඳ විඳ විඳ නුඹේ කැල්මක සැඟව මා ඉඟි කරන්නම්
නිබඳ සිඳ සිඳ නුඹේ දුක් ගඟ සනසවා පෙම් කරන්නම්
ළමැද බිඳ බිඳ වැඩෙන සෙනෙහස  සදා පණ මෙන් රකින්නම්
මහද වෙණ නද සදා හිතවත නුඹ නමින් මා වයන්නම්

හඞන සිත්මල නුඹේ සෙනෙහෙන් සෙමින් කඳුළින් වෙන් කරන්නම්
මියෙන මේ ගත නුඹ දෙපාමුල සදාකල් පූජා කරන්නම්
නුඹට පෙම් බැඳි ලබැඳි සිත් මල සදා නුඹ නමටම පුදන්නම්
සිය වරක් නොව දහස් වර නොව කෝටියක් වර නුඹේ වෙන්නම්

No comments:

Post a Comment