මුතු කඳුළු බිංදු ඇමිණූවත් නෙත් අද්දර හිඳ
මං පැළඳුවාද මොහොතක් වත් එය නුඹ ගෙල වට
නුඹ ඇවිත් ගියත් හදිස්සියෙන් සිත් මල් යායට
මං බලන් හිටියා තව සැරයක් ඒයයි අද හෙට
දුක වුනත් කිමද දී යන්නට නුඹ එනවානම්
ඉහිරුණත් මොකද කැඩී බිඳී ඒ මගෙ හිත නම්
මද පවන වගේ යළි මගෙ ලෝකෙට කර එබිකම්
නුඹ ඇවිත් යන්න යළි නාවත් දුක විඳ ගන්නම්
නෑ නින්ද විරසකයි මා එක්කල නිදි දෙව්දුව
මහමෙරක් බරයි ගැස්සෙන හිත් මඩලට සෙනෙහස
මා හඞා වැළපුනත් කවුරුත් නැති තනි යාමෙක
මට කියාදෙන්න මේ කඳුළැලි මගෙ විතරක්මද
No comments:
Post a Comment