Pages

Tuesday, June 7, 2011

කුළුඳුළේ ආදරය...

මිහිරැති මියුරු සත්සර වැය වුනා  නැගී  
සමණළ් තටු පවන් සැලුවා සෙමින්  සැලී  
දහසක් හීන පිරි රෑ නිදි දුවත්  නැතී 
හදවත සිහිළ හොරු අරගෙන ගියා  වැනී  

ගොම්මන් කලට පෑ ඉර රැස් වගේ  ඉතින්  
අමුතුයි හරිම අමුතුයි හිත හැඟුම්  ඉතින්  
රෑ තරු නැගුන මුළු අහසක් පුරා  පිටින්  
නෙත් දුවගියා තරු නෙත් සොයනවා රිසින්  

හමනා මල් සුවඳ මනමාලයි  බෝම  
හිත ළඟ නැවතිලා අමතයි සිතු සේම  
සීතල සුළඟ මල් මකරන්දය   ගේන  
හදවත කිති කැවූ හැටි පවසනු  කෝම

No comments:

Post a Comment