සඳරැස් රිදී කඳ හෙමිහිට උරාගෙන
ජළකඳ හෙමින් මුදු දියරැළි නගාගෙන
ගලනා තැනක උන්නෙමි ඇගෙ ළඟින් හිඳ
සඳ දිය නුඹේ වතමත වන් විලාසෙට
සඳටත් වඩා දිළිසෙනවා පෙනුනි මට
සිත කිති කවන මද පවණට කතාකොට
කීවෙමි පෙම් රහස නුඹ හට කියන්නට
කොඳමල් පිපෙන සුවඳක් හෙමිහිට පැමිණ
මගෙ සියොළඟම කිතිකවනට හැරෙනකොට
මගෙ සඳ නුඹේ වත දෙස මං බලනකොට
දැනුනා සුවඳ වැඩියෙන් කොඳමල් වලට
සඳ සෙවණැල්ල වැව් දිය මත දඟ කරනා
දෙස නුඹ නෙත් සලා බලනා විට සොබනා
හදවත කුමක්දෝ මේ හෙමිහිට කියනා
විඳගත්තෙමි නුඹේ රුව මට ඇති ලෙසිනා
ඈතින් කඳු වළල්ලේ සිට විත් පියඹා
ගණ කළු වළාවක් විත් සඳවත වැසුවා
දහසක් හැඟුම් හදවත උතුරා ගැලුවා
නුඹෙ කම්මුලක් සිප ගන්නට මට හිතුණා
වැව් දිය නුඹේ සියොළඟ තෙමනා විටදී
දුටුවා නාරි රුව රේඛා සිත කැළඹී
ආඩම්බර සඳේ අහසේ දිදුළ සිටී
මගෙ සඳ නුඹට වැඩියෙන් හැඩ බව කියමී
නුග තල් පත් සොලවමින් අප දෙසට හැමී
සුළඟේ නුඹේ කෙහෙරැළි දඟ කළ විටදී
මදහස පිරි දෙතොල් ළඟ මොහොතක් නැවතී
නුඹෙ කෙහෙරැල්ලෙ සැඟවී යන්නට සිතුණී
කියවන විටදි ඔබ කව් පද හිත පිරුනා...
ReplyDeleteනෑඹුල් අරුත් සුවඳට හද කිති කැවුනා...
ලස්සනයි නංගියෝ...
Thank U vry much akko....:)
ReplyDelete