Pages

Saturday, July 24, 2010

ආයුබෝවන් ඉතින් ඒ වසන්තය...

සිතින් අපි තාම කොතැනක වුවත්
කාලය බොහෝ කල් ගත වෙලා
හිතේ දුක තාම නිමි නැති වුවත්
දුක දුන්න අවුරුද්ද නිම වෙලා

මදනලට ඉඟිකරමි අද වුවත්
තාම නුඹ සුවඳ ඉන් දැනෙනවා
තරු දෙනෙත් සිහිකරමි යළි යළිත්
කඳුළු ගඟ ආයෙමත් ගලනවා

නපුරු වූවත් නුඹට අද වුනත්
ආදරේ ඒ වගෙම තියෙනවා
මලක් සේ රැකබලා ගත්තු වග
තාම මගෙ මතකයේ තියෙනවා

ආයෙමත් විඳගන්න බැරි වුනත්
දැනුන සුව නුඹෙන් තව දැනෙනවා
නුඹ වගෙම නපුරු නෑ මේ හිතත්
අදත් නුඹ ගැන සිතා දැවෙනවා

No comments:

Post a Comment