මා නැගි මහා කන්ද අභියස
පල්ලමක් වෙනුවට
හමුවූ ප්‍රපාතය
දැක ඉතින් ආපසු හැරෙන්නද ?
පැන හෙලට සිය පණ නසන්නද ?
Wednesday, January 25, 2012
Tuesday, December 20, 2011

කිමද ඔච්චම් කරනු..
එබී හෙමිහිට හොරෙන්..
හමුවෙනා වළා මත..
නුඹ ඉතින් සැතපියන්..
රවටපන් පුංචි තරු..
යළිත් හෙට නෑවිදින්..
බලාපන් මගේ හිරු..
හැමදාම මගෙ ළඟින්..
මදක් අමනාපවී..
බැස ගියත් අද කලින්..
හෙට උදෙත් යළි එනවා..
ඒක සත්තයි ඉතින්..
Monday, November 21, 2011
මනමාල මල් සුවඳ
දමා ආ මද සුළඟ
කුමට මා වට වෙළෙනු
නොයා නුඹ යන අතක
අඞ ගසා සුසුමකට
හිරිවට්ටවා හිතම
කුමට නෙත් අග තෙමනු
නොගෙනවිත් ඔහු සුවඳ
දමා ආ මද සුළඟ
කුමට මා වට වෙළෙනු
නොයා නුඹ යන අතක
අඞ ගසා සුසුමකට
හිරිවට්ටවා හිතම
කුමට නෙත් අග තෙමනු
නොගෙනවිත් ඔහු සුවඳ
Tuesday, August 30, 2011
වැස්ස නුඹ වැහැපන් ඉතින්...
ගැහෙන මුත් ගත මේ සීතලට
හිරිවැටෙන මුත් හිතම කෝඩෙට
ගුලි නොවී තනිවම උණුසුමට
එන්න හිතෙනවා නුඹේ තුරුලට
නුඹට තුරුළුව අනන්තයටම
ඇවිද යන්නට හිතෙනවා මට
එහෙත් අම්මා පොඩි කාලෙ සිට
දුන්නු ඔවදන් සිහිවෙනවා මට
වැස්ස නුඹ වැහැපන් ඉතින්...
මං එන්නෙ නෑ තෙමෙන්නට...
හිරිවැටෙන මුත් හිතම කෝඩෙට
ගුලි නොවී තනිවම උණුසුමට
එන්න හිතෙනවා නුඹේ තුරුලට
නුඹට තුරුළුව අනන්තයටම
ඇවිද යන්නට හිතෙනවා මට
එහෙත් අම්මා පොඩි කාලෙ සිට
දුන්නු ඔවදන් සිහිවෙනවා මට
වැස්ස නුඹ වැහැපන් ඉතින්...
මං එන්නෙ නෑ තෙමෙන්නට...
Sunday, July 31, 2011
මට දුක හිතුනා....
හුස්මත් හිරවෙනා තරමට
උගුර හිරවුනා මොකකින්ද
දෙතොල් වෙව්ලුවාමගෙ
හිරි වැටී මුළු හිසම
ලලාටෙහි කේශ නාළිකාතුලින්
මොනවදෝ ගලා විත්
උතුරමින් නෙත් කුහර තුල
නෙත් කෙවෙනි අද්දරින්
රූරා වැටුන අරුමය
නාස්පුඩු වල ශ්ලේශ්මළ පටක
උත්තේජනය කරවමින් විගස
ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත්
මට දුක හිතුනා අම්මෙ අද
උගුර හිරවුනා මොකකින්ද
දෙතොල් වෙව්ලුවාමගෙ
හිරි වැටී මුළු හිසම
ලලාටෙහි කේශ නාළිකාතුලින්
මොනවදෝ ගලා විත්
උතුරමින් නෙත් කුහර තුල
නෙත් කෙවෙනි අද්දරින්
රූරා වැටුන අරුමය
නාස්පුඩු වල ශ්ලේශ්මළ පටක
උත්තේජනය කරවමින් විගස
ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත්
මට දුක හිතුනා අම්මෙ අද
Wednesday, June 8, 2011
දැන් ඉතින් හැර යා යුතුයි නුඹ ...
දැන් ඉතින් හැර යා යුතුයි නුඹ
දරා ගන්නට නොහැකි නුඹ පෙම
දුකින් වුව හැර යා යුතුයි මම
ජීවිතේ තව ගොඩක් කඩඉම්
පසු කරන්නට ඉතිරි වී ඇත
නුඹට පෙම් බැඳි හිතත් රැකගෙන
යළිත් එන්නම් නුඹේ තුරුලට
ගැහෙන දෙතොලින් නුඹ සිඹින්නම්
හදවතින් තුරුලටම ගන්නම්
එතෙක් සමුදුන මැනවි මා හට
දුකින් වුව සිහිනය දරාගෙන
සදා ආදර මගේ පන්හිඳ.....:(
දරා ගන්නට නොහැකි නුඹ පෙම
දුකින් වුව හැර යා යුතුයි මම
ජීවිතේ තව ගොඩක් කඩඉම්
පසු කරන්නට ඉතිරි වී ඇත
නුඹට පෙම් බැඳි හිතත් රැකගෙන
යළිත් එන්නම් නුඹේ තුරුලට
ගැහෙන දෙතොලින් නුඹ සිඹින්නම්
හදවතින් තුරුලටම ගන්නම්
එතෙක් සමුදුන මැනවි මා හට
දුකින් වුව සිහිනය දරාගෙන
සදා ආදර මගේ පන්හිඳ.....:(
Tuesday, June 7, 2011
කුළුඳුළේ ආදරය...
මිහිරැති මියුරු සත්සර වැය වුනා නැගී
සමණළ් තටු පවන් සැලුවා සෙමින් සැලී
දහසක් හීන පිරි රෑ නිදි දුවත් නැතී
හදවත සිහිළ හොරු අරගෙන ගියා වැනී
ගොම්මන් කලට පෑ ඉර රැස් වගේ ඉතින්
අමුතුයි හරිම අමුතුයි හිත හැඟුම් ඉතින්
රෑ තරු නැගුන මුළු අහසක් පුරා පිටින්
නෙත් දුවගියා තරු නෙත් සොයනවා රිසින්
හමනා මල් සුවඳ මනමාලයි බෝම
හිත ළඟ නැවතිලා අමතයි සිතු සේම
සීතල සුළඟ මල් මකරන්දය ගේන
හදවත කිති කැවූ හැටි පවසනු කෝම
සමණළ් තටු පවන් සැලුවා සෙමින් සැලී
දහසක් හීන පිරි රෑ නිදි දුවත් නැතී
හදවත සිහිළ හොරු අරගෙන ගියා වැනී
ගොම්මන් කලට පෑ ඉර රැස් වගේ ඉතින්
අමුතුයි හරිම අමුතුයි හිත හැඟුම් ඉතින්
රෑ තරු නැගුන මුළු අහසක් පුරා පිටින්
නෙත් දුවගියා තරු නෙත් සොයනවා රිසින්
හමනා මල් සුවඳ මනමාලයි බෝම
හිත ළඟ නැවතිලා අමතයි සිතු සේම
සීතල සුළඟ මල් මකරන්දය ගේන
හදවත කිති කැවූ හැටි පවසනු කෝම
Subscribe to:
Posts (Atom)